රට තුළ හිඟයක්ව පවතින කීරි සම්බා සහල් සඳහා ආදේශක ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව කීරි සම්බා සහ සම්බා සහල් ආනයන කටයුතු අද (21ද) සිට ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, උත්සව සමයේ තවදුරටත් සහල් අවශ්‍යතාව ඇති වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය වැඩි කරන බවයි.
එසේම රුපියල් 260ක පාලන මිලක පවතින කීරි සම්බා සහල් කිලෝවක් මේ වනවිට රුපියල් 300ත් 310ත් අතර මිලකට අලෙවි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.