සම්බා හා කීරි සම්බා බිත්තර වී හිගයක් ඇති වි තිබෙන බවත් මේ නිසා ඉදිරි කාලයේදිත් කීරි සම්බා හා සම්බා සහල් හිගය තවදුරටත් පවතින බව ජාතික ගොවිජන එකමතුව සදහන් කරයි
මේ නිසා මේවර කන්නයේදි කීරි සම්බා හා සම්බා වගාකර තිබෙන ගොවින් හරහා ප්‍රමිතියෙන් යුත් වී බිත්තර වි ලෙස ලබා ගැනිමට වැඩපිලිවෙලක් සකස් කල යුතු බවද බවද සංගමයේ සභාපති අනුරාධ තෙන්න කොන් මහතා සදහන් කලේය
පවතින බිත්තර වි හිගය නිසා මේවර කන්නයේදි කීරි සම්බා බිත්තර වී කිලෝවක මිල රුපියල් පන්සිය(500) ඉක්ම වු මිලකට ආලෙවි වු බවත් එහතේ පසුගිය කන්නවල කීරි සම්බා බීත්තර වී කිලෝවක් අලෙවි වුයේ රුපියල් 300 ත් රුපියල් 350 ත් අතර මිලකට බවද පැවසිය
කීරි සම්බා සහල් හිගය නිසා කිරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 320 ඉක්මවා ගොස් තිබෙන බවත් මිට අමතරව රට තුල සම්බා සහල් හිගයක්ද මේ වන විට නිර්මාණය වි තිබෙන බව.ත් පවතින තත්ත්වය තුල සම්බා සහල් මිල පවා ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහල ගොස් තිබෙන බවද පැවසිය.
නාඩු .රතු කැකුලු. සුදු කැකුලු වගා කරණ ආකාරයටම අමතර වියදමක් නොමැතිව කීරි සම්බා හා සම්බා වගා කල හැකි බවත් එහෙත් පවතින බිත්තර වී හිගය නිසා ගොවිජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට කීරි සම්බා හා සම්බා වගා කිරිමට නොහැකි වි තිබෙන බවද සදහන් කලේය
අස්වනු නෙලා ගෙන එම අවස්ථාවෙදිමේදි වී අස්වැන්න ලැබෙන යන්ත්‍ර භාවිතා කිරිම තුලින් බිත්තර වි නිෂ්පාදනය කල නොහැකි බවත් ඒ සදහා යම් ක්‍රමවෙදයන් භාවිතා කල යුතු බවත් ඒ පිලිබදව ගොවිජනතාව දැනුවත් කර බිත්තර වි ලබා ගැනිමට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක විය යුතු බවද පැවසිය.
පසුගිය කාලය සැලකිමේදි වැඩි වශයෙන් කීරි සම්බා හා සම්බා සහල් භාවිතා කරනු ලැබුවේ ආපනශ්යලා හොටල් හා ආහාර සකස් කරණ ආයතන බවත් එහෙත් මේ වන විට සමාන්‍ය ජනතාවත් වැඩි වශයෙන් මෙම සහල් වර්ග භාවිතා කරමින් තිබෙන බවද සදහන් කලේය
මේ නිසා කීරි සම්බා හා සම්බා සහල් සදහා මේ වන විට රට තුල විශාල ඉල්ලුමක් ඇති වි තිබෙන බවත් පවතින ඉල්ලුමට සැපයුම් සැපයිම සදහා රට තුල වැඩපිලිවෙලක් සකස් කල යුතු බවද පවසා සිටයේය