2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන අම්පාර ,පරගහකැලේ ගබඩාවේ එක්රැස් කර තිබූ කීරි සම්බා වර්ගයේ වී කිලෝග්රෑම් 119,699 ක තොගයක් ටෙන්ඩර් පදනමින් වී මෝල් හිමියන්ට විකිණීමට වී අලෙවි මණ්ඩලය සැරසෙයි.
මේ සඳහා 2024 වසරේ වී අලෙවි මණ්ඩලයේ ලියා පදිංචි වී මෝල් හිමියන්ගෙන් ඊයේ ( 7) සිට මෙම මස 21 දක්වා වී අලෙවි මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්රසම්පාදන කමිටුව මගින් මිල ගණන් කැඳවා ඇතැයි වී අලෙවි මණ්ඩලය පැවසීය .
ඒ අනුව මෙම වී තොග මිලදී ගැනීමට ඉල්ලුම් කල හැක්කේ 2024 දී වී අලෙවි මණ්ඩලය යටතේ ලියා පදිංචි වී මෝල් හිමියන්ට පමණි.
ජේ. ඉඳුරුවගේ