කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද දින (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 06 ක වැනි කාලසීමාව තුල යථාවත් වනු ඇති බවය. නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමණක් අනුගමනය කරන බවත්, දීර්ඝ කාලයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට විවිධ පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වන බවත්, මේ සියල්ල විනිවිදභාවයකින් සිදුවන බවද පැවසීය.
රෝහල් වල ස්කෑන් යන්ත්‍ර අබලන්වීම පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරි සති දෙකක කාලය ඇතුලත එම ගැටළුව නිරාකරණය වෙනු ඇති බවයි. මෙරට තිබෙන සීටි ස්තෑන් යන්ත්‍ර 46 ක වැනි ප්‍රමාණයකින් 03 ක පමණ ගැටළු ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන යන බවද කීහ.
පසුගිය කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්රයේ වූ වෘත්තීය ගැටළු පිළීබද සාකච්ඡා පවත්වා ඊට අදාල විසදුම් මුදල් අමාත්‍යාංශය වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඊට අදාලව ක්රමාණූකූලව විසදුම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව ද සදහන් කලේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මීරිගම ඇතුලු අවට රෝහල් නිරීක්ෂණයක් අද දින සිදු කරන බවත්, මෙහිදී රෝහල්වල පවතින ගැටළු නිරාකරණය සදහා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.