ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට තමන් තවමත් තීරණය කර නොමැති බවත් එසේ තීරණය කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
එසේම නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ අලුතෙන් පිහිටවනු ලැබූ පොදුජන එක්සත් පෙරමුණ (පුටුව ලාංඡනය) සන්ධානයේ නායකත්වය ලබාගැනීමටද තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.