ආණමඩුව කිවුල ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසාධිතයකු ලෙස සනාථ වීමත් ඇය ප්‍රථිකාර ලබා ගත් ආණමඩුව මුලික රෝහල් කාර්ය මණ්ඩල කොටසක්, කිවුල හා 9 බවුම ගම්මාන වල නිවාස 15 ක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි අධිකාරි වෛද්‍ය ඒ.එච්.එම්. පද්මිනි අබේරත්න මහත්මිය පවසයි.
මෙසේ කොරෝනා ආසාධිතයකු ලෙස සනාථ වි ඇත්තේ 28 හැවිරිදි එක් දරු මවක් බව සෞඛ්‍ය අංශ කියයි. ඇය කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර තිබේ.
මෙම කාන්තාව පුත්තලම 9 බවුම ප්‍රදේශයේ සැමියා සමග පදිංචිව ඇති බවත් පසුව සති කිපයක් ආණමඩුව කිවුල අංක 4 ගම්මානයේ සැමියාගේ මවගේ නිවසේ රැදි ඇති බවටත් මේ වන විට සෞඛ්‍ය අංශ සනාථ කරගෙන තිබේ.
අදාල කොරෝනා ආසාධිත කාන්තාව ආණමඩුව මුලික රෝහල හා තවත් ස්ථාන කිපයකින් ප්‍රථිකාර ලබා ගෙන ඇති බවටත් සනාථ වෙමින් ඇති බවත් කියයි.
ඒ අනුව මෙම කොරෝනා ආසාධිත කාන්තාව ඖෂධ ලබා ගත් ආණමඩුව නගරයේ ෆාමසියක් පිළිබඳවද තොරතුරු ලැබී ඇති බවත් ඒවට අමතරව කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පිළිබදවත් තොරතුරු සනාථ වි ඇති බව සෞඛය අංශ පවසයි.
කෙසේ වෙතත් අදාළ කොරෝනා ආසාදිත කාන්තාව තමන් ඇසුරු කළ පිරිස් පිළිබදව නිවැරදි තොරතුරු ප්‍රමණණවත් පරිදි ලබා දි නැති බව සෞඛ්‍ය අංශ චෝදනා කරයි.