කිරිපිටි මිල ඉහළ යාමට සාපෙක්ෂව අද(31දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් හා කිරි ආශ්‍රිතව සකස් කරන ජූස් වර්ග හා චිස් කොත්තුවක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව ව්‍යාපාරික සංගම් සඳහන් කරති.
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් ඉහළ දැමීමට සාපේක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ එකක මිල රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපණශාලා සහ අවහන් හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.
මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක්ද නිර්මාණය වී තිබෙන බවත් මේ නිසා ආපණශාලා හා අවන්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් හෙතෙම පැවසීය.පවතින හිඟය නිසා එම සහල් වර්ග දෙක පාලන මිල ඉක්ම වූ මිලකට ව්‍යාපාරිකයන්ට මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් ආහාර පැකට්ටුවක මිල උපරිම අගයක පවතින නිසා අහාර මිල ඉහළ දැමීමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
සහල් මිල ඉහළ යාම මුල් කර ගෙන ආහාර මිල ඉහළ දැමීමට කටයුතු කළ හොත් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වන නිසා ආහාර මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් පවතින සහල් හිඟය හා වැඩි මිලට අලෙවි කිරීම පිළිබදව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කිරිමට කටයුතු කළ බවත් හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
කිරිපිටි මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන කිරි තේ එකකට අමතරව කිරි යොදාගෙන සකස් කරන සියලුම ජූස් වර්ගවල කප් එකක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දහයකින් ඉහළ දමන බවද ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගම් සඳහන් කරයි. මීට අමතරව කිරි භාවිත කර සකස් කරන චීස්, කොත්තු ඇතුළු ආහාර වර්ග කිහිපයක මිලද රුපියල් 10 කින් ඉහළ දැමීමට කටයුතු කරන බවත් එම සංගම් නියොජිතයෝ පවසති.