හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනයක් ඇතිව තිබේ.ජනපතිවරයාගේ ප්‍රකාශයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදුන් අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ පිළිබඳව අවධානයයොමුවිය. එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රජය දැනුම් දෙන තෙක් නොසිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්ම ඉන් ඉවත්විය හැකි බවයි.
“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.
මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය.
පනතේ තියෙනවා. මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”