නත්තල් දිනයට සමගාමීව කිතුණු දේවස්ථානවල සිදුකරන දේවමෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කටයුතු කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පවතින කිතුණු දේවස්ථාන 2340ක ආරක්ෂාව වෙනුවෙන් මූලිකවම පොලිස් නිලධාරීන් 7500කට වැඩි පිරිසක් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 1200කට අධික පිරිසක් යොදවා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කිසි කිතුණු දේවස්ථානයක පියතුමෙක් සෑහීමකට පත් නොවන්නේ නම් එම පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමග සාකච්ඡා කළ හැකි බවත් එයිනුත් සෑහීමකට පත්නොවන්නේ නම් 011 - 2472757 යන අංකයෙන් පොලිස් මූලස්ථානයේ සහාය ඉල්ලා සිටිය හැකි බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා සිය අවධානය සෘජුවම යොමුකරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.