කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ හා සරුංගල් ගොඩනැගිල්ලේ තිබී ලැප්ටොප් පරිගණක තුනක් , ටැබ් එකක් හා ජංගම දුරකතන තුනක් සොරකම් කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර වැඩ බලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය ඊයේ ( 04 වැනිදා ) නියම කරනු ලැබුවාය.
සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන යක්කල ප්‍රදේශයේ පදිංචි අශේන් මධුශංක බණ්ඩාර නමැති සරසවි සිසුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එම සරසවි සිසුවා විසින් සොරකම් කළ එම භාණ්ඩ කිරිබත්ගොඩ හා කඩවත උකස් භාණ්ඩ මිලයට ගන්නා ආයතනවලට උකස් කර තිබි සොයා ගත් බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.
තවද මේ ලැප්ටොප් පරිගණක , ටැබ් එක හා ජංගම දුරකතන කැලණිය විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකුගේ හා සිසුවියෙකුගේ වන බවටත් අධිකරණයේදී වැඩිදුරටත් අනාවරණය විය.
මේ සැකකාර සරසවි සිසුවා සිය මිතුරු සිසුන් හමුවීම සදහා වරින් වර එම විශ්ව විද්‍යාලයට පැමිණ තිබෙන අතර ඒ අවසරයෙන් ඔහු මේ භාණ්ඩ සොරකම් කර ගෙන රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය විසින් අධිකරණයට තවදුරටත් කරුණු දක්වමින් කීය.
මේ භාණ්ඩ නැතිවීමෙන් පසුව විශ්ව විද්‍යාලයට නිතර නිතර මිතුරු සිසුන් හමුවීම සදහා පැමිණි එම සැකකාර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සොරකම අනාවරණය කර ගැනීමට හැකිවු බවටද සදහන් කෙළේය.