කැලෑ ගිනි තැබීම් ඉහළ යමින් තිබෙන බවත් ඊයේ (13දා) අවසන් වූ සතියක කාලය තුළදී ස්ථාන 23ක කැලෑ ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වී තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගිනි තැබීම නිවා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සේවකයන්ට හා ත්‍රිවිධ හමුදාවට විශාල කැපකිරීමක් සිදු කිරීමට සිදුව තිබෙන බවත් මීට අමතරව විශාල මුදලක් දැරීමටත් සිදුව තිබෙන බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එවන් තත්ත්වයක් තුළ යම් ප්‍රදේශයක ගිනි ගැනීමක් සිදු වූ විට එය කඩිනමින් පැතිර යන බවත් මේ නිසා මෙවැනි ක්‍රියා සිදුනොකරන ලෙසත් ඉල්ලා සිටියි.
කැලෑබද ප්‍රදේශවල ගිනි තැබීම් නිසා පවතින වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම් තවදුරටත් ඉහළ යන බවත් මේ නිසා මෙවැනි සිද්ධියක් දුටු වහාම ඒ පිළිබඳව 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියි.
කැලෑ ගිනි තැබීම තුළින් ජල උල්පත් සිඳී යාම වැනි ආපදා තත්ත්වයන් ඉහළ යන බවත් මීට අමතරව වනසතුන්ට හානි සිදුවන බවත් මේ නිසා මෙවැනි ගිනි තැබීම් සිදුකරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.