සාලියවැව යාය හතේ බිළිඳාගේ මරණයට හේතුව කැරට් අල කැබැල්ලක් ස්වාසනාලයේ සිරවීමෙන් සිදුවූවක් බවට ඒ පිළිබඳව 12 දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව සාලියවැව පොලීසිය පැවසීය.
සාලියවැව යාය හතේ පදිංචිව සිටි විජේසිංහ මුදියන්සේලාගේ සවීන් දුල්සඳ උපාද්‍ය විජේසිංහ (වයස මාස 19) නමැති බිළිදෙකු එසේ මියගොස් සිටියේය.
11 දින සවස සිය නිවසේ සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී ඇති මව්පියන්දරුවාව 1990 ගිලන් රථ සේවාව ඔස්සේ නොච්චියාගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති බවත් කීවේය.
එහිදී කඩිනමින් දරුවාව නොච්චියාගම දිසා රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලටයැවීමට පියවර ගෙන ඇති බවත් නමුත් එසේ රැගෙන ගියද දරුවා රෝහලට ඇතුළත් කරනඅවස්ථාවේදී මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලීසිය සදහන් කළේය.
මෙම මරණය සම්බන්ධයේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එම්.ඒ.සී. ගුණතිලක මහතා විසින් සිදුකරන ලද අතර හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක අහමදු හාසින් මහතා විසින් සිදුකරන ලදි.
කරුවලගස්වැව ජයරත්න