(UPDATE 6.32 AM )නව රජයේ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දිමට නියමිතව තිබේ. අද පෙරවරුවේදි ජනාධිපති කාර්යාලයේදි මෙම දිවුරුම් දීම සිදු කෙරුණු ඇත.
නව රජයේ අමාත්‍යධුර සංඛ්‍යාව 23ක් බවට පත්වෙනු ඇති අතර නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 30ට මෙපිටින් තබා ගැනිමට සැලසුම් කර තිබේ.
අග්‍රාමාත්‍යවරිය ලෙස තවදුරටත් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කටයුතු කරනු ඇත. අමාත්‍යධුර පත්කිරිමේදි ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය වන ලෙස පත්කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනපතිවරයා මුදල් හා ආරක්ෂක අමාත්‍යාංශ තමන් යටතේ තබා ගැනිමට සැලසුම් කර තිබේ. අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස පත්කිරිමට නියමිතය.
අමාත්‍යාංශ ලබාදිමේදි ඒ ඒ විෂයන් පිළිබඳ ඔවුන්ගේ දැනුමද සැලකිල්ලට ගනු ඇත.
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දිමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේදි ජනාධිපති කාර්යාලයේදි මෙම දිවුරුම් දීම සිදු කෙරුණු ඇත. නව රජයේ අමාත්‍යධුර සංඛ්‍යාව 25කට සීමා වෙනු ඇත. ඇතැම් අමාත්‍යාංශ වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත්කිරිමට නියමිත අතර රාජ්‍ය අමාත්‍යධුර මෙවර ලබා නොදෙනු ඇත.
ජනපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර සඳහන් කළේ අමාත්‍යාංශවලට අයත් විෂයන් සංඛ්‍යාව අනුව ඇතැම් අමාත්‍යාංශවලට නියෝජ්‍ය අමාත්‍යධුර දෙකක් පමණ පත්කිරීමට සිදුවෙනු ඇති බවයි.