ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිතිගොල්ලෑව කොට්ඨාසයේ පාසල් සිසුන්ට හා පොලිස් ස්ථාන නිලධාරින්හට ලෙඳර් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය නව වැඩ පිළිවෙලක් ලෙස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ක්‍රීඩා පිටියේ ඉදිකළ පැති විකට්ටුව හා ක්‍රීඩා උපකරණ කට්ටල් නවක ක්‍රීඩකයින් අයිතියට පත් කිරීම අද (13) දින උදෑසන කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ක්‍රීඩා පිටියේදී, කැබිතිගොල්ලෑව කොට්ඨාස භර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. කේ.වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. කේ.වික්‍රමනායක මහතාගේ සංකල්පයක් මත කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථාන 13 තුළ සිටින ස්ථානාධිපතිවරුන්ගේ සහයෝගයෙන් ලක්ෂ 03 ට ආසන්න මුදලක් වැය කරමින් මෙම ඉදි කිරීම් කටයුතු හා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සිදුකර තිබුණි.
මේ තුළින් පාසල් සිසුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ සැගවුණ කුසලතා සඳහා දොරටු විවෘත්තවන බවත් පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය තත්ත්වයට යහපතක් හා ඔවුනට ඒකාකාරී මානසිකත්වයෙන් මිදීය හැකිවන බවත් ජාත්යාංතරයට කිසි දිනක නොගිය ගම්මානවලින් ක්‍රිකට් ක්රීඩනයින් ජාත්යාංතරයට රැගෙන යා හැකි බවත් එහිදී පැමිණි පිරිස අමතමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. කේ.වික්‍රමනායක මහතා පැවැසීය.
වර්තමාන කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. කේ.වික්‍රමනායක මහතා විසින් කැබිතිගොල්ලෑව කොට්ඨාසය භාරගැනීමෙන් අනතුරුව එහි සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණි. එනම් එහි ගිණුම් අංශය ආරම්භ කිරීම, කොට්ඨාස වැඩ ඒකකය ආරම්භ කිරීම, අපරාධ පරික්ෂණාගාරය ආරම්භ කිරීම, කොට්ඨාස පුස්තකාලය ආරම්භ කිරීම, කොට්ඨාස රණවිරු අංශය ආරම්භ කිරීම, කොට්ඨාස ණය අය කර ගැනීමේ අංශය ආරම්භ කිරීම, කොට්ඨාසයේ ප්‍රජා පොලිස් අංශය නවීකරණය කිරීම, කොට්ඨාසයේ ඡායාරූප අංශය ආරම්භ කිරීම, කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යයංශය වැඩි දියුණු කිරීම හා කොට්ඨාසයේ ක්‍රීඩා අංශය ආරම්භ කිරීම වැනි දැවැන්ත සේවාවන් රැසක් තම කොට්ඨාසයට එම මහතාගේ සංකල්ප මත සිදු කර තිබීම විශේෂත්වයකි. (IJ)
සිඩ්නි රුවන් උබේපාල