දොඹගහවෙල පොලිස් වසමට අයත් ඇලේලන්ද ප්‍රදේශයේ කාන්තාවක් කැබ්රථයක නංවාගෙන ඇයට ලිංගික අතවරකර ගෙල බැඳි රන්මාලයක් මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු දොඹගහවෙලා පොලීසිය මඟින් ඊයේ (18) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.
අතවරයට පත්වූ 36 හැවිරිදි කාන්තාව කොළඹ දෙස සිට එන බස්රථයකින් ගෙනඑන පාර්සලයක් ලබාගැනීම සඳහා රාත්‍රී 9.00 පමණ දොඹගහවෙල තැපැල් කාර්යාලය අසල මාර්ගයට පැමිණ තිබේ.
ඒ අවස්ථාවේ ඇය ලඟ නතරකළ කැබ්රථයක් ඇයගෙන් යන්නේ කොහේදැයි විමසා ඇත.
දොඹගහවෙල නගරයට යන බව පවසා ඇති ඇයට නගරයට කැබ්රථයෙන් යාමට හැකි බව පවසමින් රියදුරු විසින් කැබ්රථයේ ඉදිරිපස අසුනට ඇයව නංවාගෙන තිබේ.
කැබ්රථය නගරයේ නතරනොකොට ගලබැද්ද ප්‍රදේශයේ පාළු මාර්ගයකට රැගෙනගොස් ඇයට අතවරකොට ආපසු ඇය සිටි ස්ථානයටම යළි කැඳවාගෙන ගොස් රථයෙන් බස්සවා ඇත. ඇය කැබ්රථයෙන් බසින විට ගෙලබැඳි රන්මාලය අතවරකළ එහි රියදුරු විසින් කඩාගෙන ඇත.
සිද්ධිය පිළිබඳව දොඹගහවෙල පොලීසියට පැමිණිලිකිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබේ.
සුමනසිරි ගුණතිලක