කැප්පෙටිපොල ආර්ථික වෙළද මධ්‍යස්ථානය හා බණ්ඩාරවෙළ තොග වෙළද පොල 07 දින සිට
දින නියමයක් නොමැතිව වසා තැබීමටත් එහි වෙළදුන් ගමට යවා ගොවි නිෂ්පාදන මිලට ගෙන පිට පළාත් වලට අලෙවි කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළ බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය.
පසුගිය 05 දින මෙම මධ්‍යස්ථාන දෙකට 5000කට අධික වෙළදුන් පිරිසක් මීගමුව,පුත්තලම,
ත්‍රිකුණාමලය,හලාවත වැනි කොරෝනා රෝගින් සිටින දැඩි අවදානම් ප්‍රදේශ වල සිට ආරක්ෂිත ක්‍රම නොතකමින් පැමිණිමත් සමග ඇතිවු තත්වය සමග මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලේකම්වරිය පැවසීය.
කැප්පෙටිපොල ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ වෙළදුන් ගමට ගොස් නිසි මිලකට මිලදි ගන්නා එළවලු ඇතුළු ගොවි නිෂ්පාදන නුවරඑළිය මායිමටත් බණ්ඩාරවෙළ තොග වෙළද පොලේ වෙළදුන් මිලට ගන්නා නිෂ්පාදන බලංගොඩ හා හම්බන්තොට දිස්ත්‍රික් මායිමට ගෙන ගොස් පිටස්තර වෙළදුන්ට අලෙවි කිරීම සඳහා වැඩ සටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම ප්‍රදේශ වල පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සෘජු අධික්ෂණය හා මැදිහත්වීම යටතේ මෙම වැඩ සටහන ක්‍රියාත්මකවේ.
මෙම ක්රියාදාමයත් සමග කැප්පෙටිපොල,වැලිමඩ, ඌවපරණගම,හපුතලේ සහ බණ්ඩාරවෙළ
නගරයන්හිදි කිසිදු තොග වෙළදාමක් සිදු නොකිරීමටත් සියලුම තොග අලෙවිසැල් වසා තැබීමටත් කටයුතු කර තිබෙන බවද ලේකම් දමයන්ති පරණගම මහත්මිය.
ප්‍රසන්න පද්මසිරි