මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශ වලට ජලය සැපයෙන ජල මුලාශ්‍ර ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත්ය.
ඒ අනුව 16වන දින උදැසන 6.00 වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 7 අගල් 02ක් පහලින්ද කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 09යි අගල් 03ක් පහලින් පවතින බවත්ය.
මෙම ජලාශවල ජලය ජල විදුලිය නිපදවිම සදහා අදාල ජල විදුලිබලාගාර වෙත උපරිම ලෙස මුදා හැරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා/රංජිත් රාජපක්ෂ