කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය ඊයේ (16) දින රාත්‍රියේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇති බවත්, ඒ අනුව කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණිමත් සමග විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් පැවසිය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d9404f7a52.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_37e3536405.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ad6eb7c1d9.jpg)