අගෝස්තු 01 වෙනි දා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කිරිමේ දී ජාත්‍යන්තර ගුවන් නීති රිති ක්‍රියාත්මක කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සෞඛ්‍ය අංශ බළධාරීන්ගේත් නිර්දේශ අනුව කටයුතු කරන ලෙසත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
එසේම මගී ගුවන් යානා ප්‍රමාදය වැළැක්වීමට ද පියවර ගන්නා ලෙසද ඔහු සඳහන් කළේ කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකවක නිරත වීමෙන් අනතුරුව එම අධිකාරියේ නිළධාරින් සමග පැවති සාකච්ඡාවක දීය.
දිවයිනට පැමිණෙන සියලුම ගුවන් යානා ඒ සඳහා විශේෂිත වු හුදකලා ස්ථානයක නතර කිරීමටත් ගුවන් යානා විෂාබීජානුහරණය කිරීමටත් කටයුතු යොද ඇතැයි මෙහිදී අනාවරණය විය.
නියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සඳහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.