දිවයින ආසන්නයේ පවතින අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ අනුව උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් සේථොනවල මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව අද පෙරවරුවේ නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙයි.
එසේම උතුරුමැද පළාතේ හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.