තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද පෙරවරුවේ නිකුත් කළේය.
කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කල මෙම නිවේදනය හෙට පෙරවරු 7.00 තෙක් වලංගු වෙයි.
එම නිවේදනයට අනුව ත්‍රිකුණාමලය සිට කන්තකසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-65) දක්වා වැඩි වන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් සඳහන් වෙයි.වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි වන අතර එමමුහුදු ප්‍රදේශ විටින්ත විට රළු වන බවද පවසයි.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාදම් හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට පැමිණෙන රළ නොවේ) දම් පිළිබඳ සිය අවධානය යොමුකර කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.