කෝවිඩ් සමයේ මුස්ලිම් ජනතාවගේ මෘත දේහ ආදාහනය කිරීමට ගත් තීරණය පිළිබඳව මුස්ලීම් ජනතාවගෙන් සහ වසර 41ට පෙර කලු ජූලිය අවස්ථාවේ මෙරට දෙමළ ජනතාවට සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාව අයැද සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (23දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අද දිනය කැලැන්ඩරයට එකතුවෙලා තියෙන්නේ ඉතිහාසයේ කලු පැල්ලමක් එකතු වුණු කළු ජූලිය දිනය විදියට. ඊයේ දිනයේදී අපි කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මමත්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාත්, ඒ වගේම අමාත්‍ය තොන්ඩමන් මහතාත්. කෝවිඩ් කාලයේ ඉස්ලාම් භක්තික ජනතාවගේ මරණ ආදාහනය කිරීමේදී අනුගමනය කළ බලහත්කාර ප්‍රතිපත්තිය පිළිබඳ. ඒ පිළිබඳ පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා ජල සම්පත් අමාත්‍යාංශයෙන් දීපු වාර්තාව පදනම් කරගෙන අපි ඒක ඉදිරිපත් කළේ.
ඒ අවස්ථාවේ අනුගනය කළ ප්‍රතිපත්තිය පිළිබඳ සියලුම ඉස්ලාම් ජනතාවට අපි සමාව ඉල්ලීමේ යෝජනාවක් අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒක අනුමත කළා. අපි කණගාටුව ප්‍රකාශ කරනවා සියලුම ජනතාවට. අපි ඒකට වගකිවයුතු අය නොවුනත්, අපි ඒ ආණ්ඩුවේ තනතුරැ නොදැරැවා වුණත් අපි ඒ අවස්ථාවේ වුණු දේ ගැන අපේ කණගාටුව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ඒ වගේම අවුරැදු 41ක් ගත වන දින රට අඳුරැ යුගයකට ඇදලා දැමීමට හේතු වුණු 1983 ජූලි 23වැනිදා අද වගේ දවසක අපේ රටේ අඳුරැම කාල පරිච්ඡේදය සනිටුහන් කළා. ඒ කාලයේ අපි දේශපාලනයේ හිටියේ නැතත්, අපේ වගකීමක් නොතිබුනා වුණත් මේ රටේ පුරවැසියෝ විදියට, වගකිවයුතු නීතිය ගරැ කරන අමාත්‍යවරයෙක් විදියට ද්‍රවිඩ ජනතාවට ඒ අවුරැදු 41කට පෙර සිදු වුණු දේ පිළිබඳව අපි සමාව අයැද සිටිනවා"