පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා විපක්ෂයෙන් පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යොමු කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කාරක සභා සඳහා වැඩි ඉඩක් ලබා ගැනීමට කාරක සභාවල සංයුතිය වැඩි කරන ලෙස පසුගිය අවස්ථා කිහිපයකදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කර අතර, පසුව ආණ්ඩුවේ එකඟත්වය ඇතිව එම සංයුතීන් ඉහළ දැමීමට පසුගියදා කටයුතු කෙරිණ.
ඒ අනුව විපක්ෂයේ සියලු පක්ෂවලට සාධාරණයක් සිදු වන අකාරයෙන් කාරක සභා සඳහා විපක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් නම් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කර සිටියද, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාරක සභාවට නම් කළ පසු එහි සභාපති ධුරය කලින් මීට පෙර එකඟ වූ ආකාරයෙන් විපක්ෂයට ලබා දෙන බව පසුගිය සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඒ අනුව කෝපා කමිටුවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කිරීමට යෝජනා වී තිබේ.