ලැගුම්හලකදී කාන්තාවක් මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම අද (24) නියම කළේය.
මීට වසර 10කට පෙර මෙම අපරාධය කළේ විත්තිකරු විසින බවට පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ද වනතුරු විත්තිකරුගේ බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ පැටි්රක් ක්‍රිෂනරාජා නමැත්තාටය.
2015 ජූලි 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ හෙට්ටිවීදියේ ලැගුම්හලකදී ධර්මරාජා කාර්තිකා නමැති කාන්තාවක් ඝාතනය කර ඇයගේ මෘතදේහය ගමන් මල්ලක සඟවා කොළඹ බැස්ටියෙන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොලේ දමා යෑම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඒ අනුව අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.
මෙම චෝදනාවන්ට මරණ දඬුවම නියම කළ යුතු හෙයින් ඊට පෙර කීමට යමක් ඇත්නම් පවසන ලෙස දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විත්තිකරු අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව පැවසීය.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කළ විනිසුරුවරයා අධිකරණයේ දැල්වෙමින් තිබු විදුලි බුබු`ථ නිවා, ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර ඇති අවස්ථාවක විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.