ළමා සහ කාන්තා හිංසය පිලිබදව සෙවිමට බස් රථයට නැගි උපාය දුතිකාවකට ලිංගික අතවර කිරිමට තැත් කල පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු (17) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාදනි මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (22) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලමඩ ප්‍රදේශයේ පදිංචිව පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන 45 හැවිරිදි පුද්ගලයෙකි.
යුක්තියේ මෙහෙයුමට සමාගාමිව ළමා සහ කාන්තා හිංසය මැඩ පැවැත්විම වෙනුවෙන් නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වු බස් රථයකට පොලිස් උපාය දුතියෙක් යොදවා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින්ද බස් රථයේ යොදවා තිබියදි සැකකරු උපාය දුතියට ලිංගික හිංසනයන් සිදු කර ඇති බවයි නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.
මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා නුවරඑලිය සිට ගමන් ආරම්භ කරන ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.