අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ආරක්ෂාවේ යම් අඩුවීමක් සිදුව ඇති බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ සොයාබැලීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේ ඊයේ (03දා) අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා සඳහන් කරනතෙක් තමාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බවත්, කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන අතර, උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආණ්ඩු කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නොමැති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.