වත්මන් ක්‍රීඩා පනතේ අඩුපාඩු ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් ක්‍රීඩා සංගම්වල බලධාරීන් ක්‍රීඩාවේ ඒකාධිකාරියක් ඇති කරගෙන සිටින බවත් ඒ තුළින් ඔවුන් අධික ලෙස මුදල් උපයන බවත් ක්‍රීඩා පනතේ නව සංශෝධන මගින් ක්‍රීඩාව ඇතැම් පුද්ගලයන්ගේ ව්‍යාපාරයක් බවට පත්වීම වළක්වා ඇති බැවින් ක්‍රිකට් ඇතුළු අනෙකුත් සියලුම ක්‍රීඩා වල දියුණුවක් අපේක්ෂා කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (07දා) පැවැති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි .
ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නව වැඩ සටහනකට අනුව දීප ව්‍යාප්තව ක්‍රීඩා සභා ස්ථාපිත කොට ඇති අතර එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ක්‍රීඩා නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු විය .
ක්‍රීඩාව හා ක්‍රීඩකයන් ආරක්ෂා වන පරිදි අති විශේෂ ගැසට් පත්‍ර හතරක් මගින් ක්‍රීඩා පනතට නව සංශෝධන කිහිපයක් එක් කළ බව පැවසූ අමාත්‍යවරයා ගැසට් වලින් ගෙන එන නව රෙගුලාසි වලට පිරිසක් විරුද්ධ වුවත් මෙම සංශෝධන කිසිසේත්ම ඉවත් නොකර ගන්නා බවද පැවසීය .
දැනට පවතින ක්‍රීඩා පනත වසර කට පමණ පෙර සම්මත කළ එකක් බැවින් එහි යල්පැනගිය වගන්ති රැසක් අඩංගු වේයැයි සඳහන් කළ අමාත්‍යවරයා සංශෝධන එක් කළේ එම අඩුපාඩු මගහරවා ගැනීමට බව ද පැවසීය
නව සංශෝධන වලට අනුව ක්‍රීඩා සංගමයක සභාපතිධූරය වසර දෙකකට සීමා වන අතර එය අවස්ථා දෙකකදි පමණක් හිමි වීම, අවුරුදු 70ට අඩු පුද්ගලයන් සඳහා පමණක් ක්‍රීඩා සංගම් වල නිලතල හිමිවීම, ක්‍රීඩා සංගම් නිලවරණය සඳහා 200 ක් පමණ වන ඡන්ද ප්‍රමාණය 40 ක් දක්වා සීමා කිරීම, නිලතල දරන සියලු නිලධාරීන් අවම වශයෙන් වසර 03 ක හෝ තම වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම, ප්‍රධාන ක්‍රීඩා සංගම් සඳහා වරලත් ගණකාධිකාරී ආයතනයක සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු සංශෝධන රැසක් ඉදිරිපත් කොට ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය .
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥයන් ලලිත් යූ ගමගේ, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සි. මහේෂන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .
VIDEO