ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය.
හිටපු ලේකම් මොහාන් ද සිල්වා මහතා ලේකම් ධුරයට නැවතත් නිතරඟයෙන් පත්වූ අතර හිටපු උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා මෙවර භාණ්ඩාගාරිකවරයා ලෙස නිතරඟයෙන් පත්විය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහ සභාව සහ නිලවරණය කොළඹ ප්රධාන හෝටලයකදී අද පෙරවරුවේ පැවැත්විණි.