තමන් ශ්‍රී ලංකාවෙන් ලබන වැටුප වෙනත් රටකට සේවය සැපයුවේ නම් සති පහකින් ලබන වැටුපක් බව ශ්‍රී ලංකා පුහුණුකරු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවැසීය.
අද (12දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පුහුණුකරුවන්ගේ වැටුප් ප්‍රචාරය කරමින් ජනතාවට වැරදි අදහසක්දීම පිළිබඳ කනගාටුවන බවත් ඔහු පැවැසීය.
ඒ පිළිබඳව සිත් තැවුලක් ඇති බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන්ට එම අදහස් ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ පැමිණ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.