පසුගිය වසරේදී HIV පරීක්ෂණ සඳහා යොමු කෙරුණ ක්ෂය රෝගීන් 8787 දෙනෙකුගෙන්, 68 දෙනෙකුට HIV ආසාදනයවී ඇති බවට අනාවරණය වී ඇතැයි ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.
ඒ අනුව ක්ෂය රෝගීන් හා එම රෝගී ලක්ෂණ පවතින සියලු දෙනා HIV පරීක්ෂණය වෙත යොමු වන ලෙස එම වැඩසටහන ඉල්ලා සිටී.
සියලුම ක්ෂයරෝගීන් හට HIV පරීක්ෂණයක් කළ යුතු අතර, HIV සමග ජීවත්වන පුද්ගලයන්ට ප්රතිකාර ආරම්භ කෙරෙන අවස්ථාවේදී TB පරීක්ෂාව සිදු කළ යුතු වේ.