ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් කීපයක් දියත් කරන බව නව යුද හමුදාපති ලුතින් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන එම වැඩසටහන යටතේ පරිසර සුරක්ෂිතතාවය සහ මහජන සුරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉලක්කයක් වී තිබෙන බවද ඒ මහතා පවසයි.
නව යුද හමුදාපතිවරයා ඊයේ (04) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බඳවා ගැනීම් සහ පුහුණුවීම් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් යුද්ධයක් නොමැති වුවද ස්වභාවික ආපදා ආදියේ දී යුද හමුදාවේ දායකත්වය ලබාදිය යුතුව තිබෙන බවයි.
දේශයේ මුර දේවතාවන් වැනි යුද හමුදාව ඕනෑම අවස්ථාවක සේවය කිරීමට සූදානම් බවකී නව යුද හමුදාපතිවරයා ඒ වෙනුවෙන් යුද හමුදාව සෑම විටම පුහුණුවෙන් යුක්ත වී සිටින බවද අවධාරණය කළේය.