පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරුවෙක් වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගය හරහා දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයට රැගෙන ගොස් අතහැර දමා සැඟව සිටි බස් රථයේ රියැදුරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බස් රථයෙහි රියදුරු වන්නේ අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු වන අතර එම සැකකරු ලොකු පැටි නැමැති අපරාධකරුගේ ඥාති කාන්තාවක සමඟ විවාහ වී සිටින අයකු බවද එම සැකකරු අදාළ කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 36 හැවිරිදි වැලිපැන්න සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.