කොරෝනා ඉහළ අවධානමක් සහිත දිස්ත්‍රික්කයක් ලෙස නම්කර තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ සිට ව්‍යාපාර කටයුතු සඳහා අම්බලන්ගොඩට පැමිණෙන (අනිකුත් ප්‍රදේශ සඳහා වන ඇදිරි නීතිය ඉවත් කිරීමත් සමඟම) ව්‍යාපාරිකයින් නිසා අම්බලන්ගොඩ නගරය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමට වැඩි අවස්ථාවක් පවතින බව බියට පත් නගර වැසියන් සඳහන් කරයි.
අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කළද තවමත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද නගරවාසීන් පෙන්වා දේ. එමෙන්ම ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම්කර ඇති අවස්ථාවකදී එම ප්‍රදේශ වල සිට මෙසේ අඩු අවධානම් සහිත නගර වෙත වෙළෙඳ ව්‍යාපාරිකයින් කෙසේ පැමිණෙන්නේ දැයි නොදන්නා අතර එය විමතියට කරැණක් බවද නගර වැසියන් සඳහන් කළේය. මෙසේ පැමිණෙන ව්‍යාපාරිකයින් අතරින් පිරිසක් අධිවේගී මාර්ගය භාවිත කරමින් පැමිණෙන බවද ඔවුන් සදහන් කළේය.
තවද, අම්බලන්ගොඩ නගරය තුළ සියළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අළෙවි සැල්වල හිමිකාරිත්වය නගරය තුළ වෙසෙන ව්‍යාපාරිකයින් සතුව පවතින බැවින් මෙසේ කළුතර දිස්ත්‍රික්කයේ සිට පැමිණෙන්නේ එසේ අත්‍යවශ්‍ය නොවන රෙදි පිළි සහ විසිතුරැ භාණ්ඩ අලෙවි ව්‍යාපාරිකයින් බවද නගර වැසියන් සඳහන් කළේය.