කළුතර දිස්ත්‍රික්කයේ අලුත උපන් දරු උපත් වසර පහක් තුළ 2983 කින් අඩුවී ඇතැයි කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනෙත් ශ්‍රී සුදර්ශන මහතා පැවසීය.
2019 වසරේදී 1000ට 13 ප්රතිශතයක්ව තිබූ දරු උපත් වර්ධනය 2023 වසරේදී 1000 9 දශම 8 දක්වා පහත බැස ඇති බව ඒ මහතා කීය.
2019 වසරේ දරු උපත් 11617 ක් ,2020 දරු උපත් වසරේ 11124 ක්, 2021 දරු උපත් වසරේ 10787ක් 2022 වසරේ දරු උපත් 9815ක් 2023 වසරේ දරු උපත් 8634දක්වා පහත බැස ඇති බව ඒ මහතා පවසයි.
මේ ආකාරයෙන් දරු පත් සීඝ්‍ර ලෙස වසරෙන් වසර අඩුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුමල් නන්දසේන මහතාගේ උපදෙස් මත විශේෂ සමීක්ෂණයක් සිදුකර ඊට ප්‍රතිකර්ම යෙදීම සඳහා සෞඛ්‍ය සේවා කාර්යාල මට්ටමින් විශේෂ වැඩසටහන් මාලාවක් මේ වන විටත් ආරම්භ කර ඇතැයි වෛද්‍ය සුදර්ශන මහතා වැඩිදුරටත් පැවසීය