අනුරාධපුර දිස්ත්රික්කයේ අති විශාල බිම් ප්රමාණයක් ජලයෙන් තෙත් කරන මෙරට විශාලතම වැව් අතරට එක්වෙන කළාවැවෙහි ජල කාන්දුවක් සිදු වීමෙන් එම ජලාශය අවධානමකට ලක්ව ඇතැයි පරිසරවේදීන් ඇතුළු ප්රදේශවාසීන් පවසයි.
කළාවැවෙහි පිට වාන ආසන්නයේ පිහිටි කොන්ක්රීට් වේල්ලෙහි මෙම කාන්දුව සිදු වන අයුරු එහි ගිය අපිට දැක ගත හැකි විය. පසුගිය වසරේ එම වේල්ල ආසන්නයේම කිසියම් පිරිසක් විසින් කැනීමක්ද සිදු කර තිබුණේ නිධන් වස්තුන් ලබා ගැනීමේ අදහසිනි.අදාළ කැනීමද මෙම ජල කාන්දුවට හේතුවක් බව ප්රදේශවාසීන් පවසති.
ක්රිස්තු වර්ෂ පස්වන ශතවර්ශයේ රජකම් කළ ධාතුසේන රජ විසින් කළාවැව ඉදි කරන බව ඉතාහසයේ සඳහන් වේ, කළාවැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බළලු වැව නමින් තවත් වැවක්ද ඉදි කර එම වැව් දෙක එක්කර තිබේ.





