කන්දකාඩු විශොධන මධ්‍යස්ථානයේ සේවය කළ කලවාන හගරංගල ප්‍රදේශයේ නිලධාරියෙකුට කොරෝනා ආසදනය වී ඇති බව තහවුරු වීමත් සමග අද (15) උදෑසන සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට තීරණය කර ඇති බව කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්රිගු මහතා පැවසීය.
මේ වන විට ඔහුගේ පවුලේ හා හිතවතුන් 11 දෙනෙකු නිරෝධනය සඳහා රැගෙන ගොස් තිබිම හේතුවෙන් මෙම තීරණය ගත් බව කලවාන එක්සත් බෞද්ධ වෙළඳ සංගමයේ සභාපති වරයා පැවසීය
කලවාන වෙළඳ සංගමයේ සිටින 300 ක පමණ වෙළඳ මහතුන් මෙම තීරණයට එකඟතාවය පළකරමින් කඩ වසා දැමීමට තීරණය කර තිබේ.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර