කහතුඩුව පොලිස් ස්ථානයේ ඊයේ (17) දා රාත්‍රී රාජකාරි භාරව සිටි දුරකථන ක්‍රියාකරුට තනිකඩ භට නිවාසය තුළදී පිස්තෝල ගිනි අවියකින් වෙඩිතැබීමට උත්සාහ කළ එදින උප සේවා රාජකාරී භාරව සිටි කොස්තාපල්වරයා පිස්තෝල ගිනි අවියද සමග අද(18) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි හොරන්පැල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල් වරයකු බව පොලීසිය කියයි.
මෙම නිලධාරියා අද අලුයම උපසේවා රාජකාරියේ නිරතව සිටියදී පුද්ගලයෙකුගේ මරණයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පුද්ගලයෙකු පැමිණ තිබේ.එම අවස්ථාවේදී උප සේවා භාරව සිටි මෙම නිලධාරියා රාජකාරි පුටුව මත නිදාගෙන සිටීම නිසා ඔහු අවදි කිරීමට අවස්ථා කිහිපයකදී යාබදව රාජකාරියේ නිරතව සිටි දුරකථන ක්‍රියාකරු උත්සාහ කළත් එය ව්‍යාර්ථ වීම නිසා රාත්‍රී රාජකාරී භාරව සිටි පොලිස් සැරයන් වරයකුට දන්වා තිබේ. පසුව එම නිලධාරියාද පැමිණ උපසේවා නිලධාරියා අවදි කිරීමට උත්සාහ කලත් එය ව්‍යර්ථ වීම නිසා අදාල පැමිණිල්ල පොලිස් සැරයන් වරයා විසින් ලියා තබා සිද්ධිය සම්බන්ධයෙන් CIB සටහනක් තබා තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් දුරකථන ක්‍රියාකරු හා සැකකරු අතර වූ බහින් බස් වීමක් සිදුව ඇති අතර , රාත්‍රී ජංගම රාජකාරි නිමා කළ පොලිස් සැරයන්වරයකු ගෙනැවිත් භාරදී තිබූ පිස්තෝල ගිනි අවියක් සැකකරු අත සගවාගෙන තබා චේම්බරයට උන්ඩයක් පුරවා දුරකතන ක්‍රියාකරු රැඳී සිටි තනිකඩ භට නිවාසය තුළට දිවගොස් ඔහුට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී දිවා රාජකාරිය සඳහා පිටව යාමට සූදානම් වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පැන සැකකරු සමඟ පොරබදා ගිනි අවිය උදුරාගෙන තිබේ.
පසුව මේ සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් මහතාට දැනුම් දීමෙන් පසුව සැකකාර කොස්තාපල්වරයා ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මේ අතර ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පැමිණ ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි නිලංග මහතාගේ උපදෙස් මත කහතුඩුව වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න