මොරටුව එගොඩ උයන පානදුර අලුත් කටුකුරුන්ද ප්රදේශයේදී කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටි දෙදරු මවක් කහ ඉර මත දී ඊයේ රාත්රී ලොරි රථයක හැපී හිසට සිදුවූ අනතුරෙන් අද (29දා) අලුයම ජීවිතක්ෂයට පත්වූ බව මොරටුව එගොඩඋයන පොලීසිය පැවසීය.
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි දෙදරු මව ජීවිතක්ෂයට පත්වී ඇත.
ඇයව කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවීමට සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඇය කොරෝනා ආසාදිත රෝගියෙක් ලෙස අනාවරණය වූ බව පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ අංක (5) ජෝසප් පෙදෙස කටුකුරුන්ද මොරටුව ලිපිනයේ පදිංචිව සිටි (35) බී ප්රියන්ති පෙරේරා නැමැති කාන්තාවකි.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා