2024 ප්‍රධාන ඡන්ද හිමි නාම ලේඛනය හා 2024 පළමු වන පරිපූරක නාම ලේඛනය ඇතුළත්ව සකස් කල ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනයේ ඡන්ද හිමියන් (10,24244) දස ලක්ෂ විසි හතර දහස් දෙසීය හතලිස් හතර දෙනකු එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබා දීමට කළුතර දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇතැයි කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ජයවීර ප්‍රනාන්දු මහතා පැවසීය.
2019 වර්ෂයේ ජනාධිපතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 955079 ක් බවත් මෙවර 69165 ඡන්දදායකයන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි ඒ මහතා කීය.කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 8 ක් වන අතර ඡන්ද මධ්‍යස්ථාන 711 කි.
කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායකයන් සිටින බල ප්‍රදේශය බණ්ඩාරගම වන අතර එහි මෙවර ඡන්ද දායකයන් ප්‍රමාණය 159784 කි.අඩුම ඡන්දදායකයන් පිරිසක් සිටින බල ප්‍රදේශය බුලත්සිංහල වන අතර එහි ඡන්දදායකයන් ප්‍රමාණය 90247 ක් බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා කිය.