කල්මුණේ පොලිස් වසමේ කල්මුනේ මද්රසා පාරේ කඩු පහරට ලක්ව බපතල තුවාල ලැබූ කල්මුනේ තරුණයෙක් ප්‍රතිකාර සඳහා අෂ්රෆ් අනුස්මරණ රෝහලට ඇතුලත් කර තිබේ.
බදාදා 22 උදැසන සංචරණ සිමා බලපැවැත්වූ කාලයේදී තම නිවස ඉදිරිපිටින් වේගයෙන් යතරුපැදියක් ධාවනය කළ පුද්ගලයින් නවතා වේගයෙන් ධාවනය නොකරන ලෙස පවසා තිබේ.
ඒ පිිළිබඳව බහින් බස් වීමෙන් අනතුරු යතුරු පැදිය පිටත්ව ගොස් තිබේ. කෙසේ වෙතත් නැවතත් යතුරු පැදියේ ගමන කළ තරුණයන් කඩු දෙකක් සමග පැමිණි පහරදීම සිදුකර තිබේ.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ 19 හැවිරිදි මුහම්මද් සෆාන් රෝහල් ගත කල බව සෆාන්ගේ පියා මාධ්‍යට පැවසිය.
මඩකලපුව ජවුෆර් ඛාන්
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5813c20cd7.jpg)