ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 60 දෙනකුගේ සහ කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයින් 250 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංග මහතා කියයි.
කරාපිටිය ශික්ෂණ රෝහල සදහා වෛද්‍යවරු 550 දෙනෙකු සිටිය යුතුවුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 490ක්පමණක් බවද රෝහල් අධ්යක්ෂවරයා සදහන් කළේය. රෝහලේ විකලාංග, පිලිකා යන ශල්‍ය ඒකක සහ හදිසි ප්‍රථිකාර ඒකකය සදහා වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින බව පෙන්වා දෙන රෝහල් අධ්යක්ෂවරයා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිගයක් පවතින බවද සදහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් නොමැති බවත් අවශ්‍ය වෛද්‍යවරුන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ලබාදිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බවත් රෝහල් අධ්යක්ෂවරයා පවසයි.මේවනවිට රෝහලේ වෛද්‍ය උපකරණ හා අලුත්වැඩියා කටයුතු සදහා විශාල මුදලක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙන්කර ඇති බවද රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.
හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්