ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ සිටි බන්ධනාගාර රැඳවියකු අද (09) පස්වරුවේ දි රෝහලින් පැන ගොස් ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙකි රැදවියා ඊයේ බුස්ස බන්ධනාගාරයේ සිට උණ කැස්ස වැනි රෝග ලක්ෂණ තිබිම නිසා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුළත්කොට ඇත. මෙම රැදවියා කොරෝනා පරික්ෂනයකට ද ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට පරික්ෂණවලදි තහවුරුවී තිබේ.
රැඳවියා අද පස්වරුවේ කොරෝනා විට්ටුවෙන් පැනගොස් ඇත. මොහු මාතර බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරයට මාරුකළ අයෙකි. ගෙවල් බිදුම් සම්බන්ධයෙන් මොහු බන්ධනාගාරගත කොට ඇති බව පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය පරික්ෂණ පවත්වයි