කරාපිටිිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර වර්ජනය අවසන් කර තිබේ.
වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු තර්ජනය කිරීම හේතුවෙන් අද (02දා) පෙරවරුවේ මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළහ.
කෙසේ වෙතත් තර්ජනය කළ වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරු කර යවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබා දුන් පොරොන්දුව මත මෙම වර්ජනය අවසන් කර ඇත.