ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සඳහා ස්ථාපිත කරණු ලැබු විශේෂිත වාට්ටුවේ අද (31) වනවිට කිසිදු රෝගියකු ප්‍රථිකාර නොලබන බව රොහල් ප්‍රකාශකයකු සදහන් කළේය.
ඊයේ (30) දින මෙකි විශේෂිත වාට්ටුවේ රුමෙනියානු ජාතිකයකු ඇතුළු රොගින් 03 දෙනෙකු ප්‍රථිකාර ලබමින් සිටි අතර ඔවුන්ද වෛද්‍ය පර්යේෂණවලට ලක්කිරිමෙන් පසු කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවීමෙන් පසු රෝහලින් නිදහස් කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෙකී විශේෂිත වාට්ටුව ස්ථාපිත කරණු ලැබු දින සිට රෝගින් 154 දෙනෙකු අතුලත්ව සිට තිබේ. ඒ අය අතර ශ්‍රි ලාංකිකයින් 137 දෙනෙකු හා විදේශිකයින් 17 දෙනෙකු ඇතුලත්ව සිට ඇත. මේ අය අතුරින් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත්තේ එක් රොගියකුට පමණක් බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.