දිවයිනේ කර්මාන්තපුර 13ක කර්මාන්තකරුවන් 107දෙනෙකුගෙන් කර්මාන්ත අමාත්‍යාංශයට හිඟ බදු රුපියල් 205,230,683ක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
බදු ගිවිසුම් සැකසීම සහ බදු මුදල් එකතු කිරීමේ වගකීම සෘජුව ඉඩම අයත් ආයතනයන් වන ප්‍රාදේශීය ලේකම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිය වැනි ආයතන සතු බැවින් මෙම හිඟ බදු මුදල් අයකර කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස එම ආයතනවලට දන්වා ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය මගින් විගණන කාර්යාලය වෙත දන්වා ඇත.
2023.12.31 දක්වා අයවිය යුතු මෙම බදු මුදල් ප්‍රමාද වීමකින් තොරව අයකර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය මැදිහත් වී ක්‍රියා කළ යුතු බවට විගණන කාර්යාලය කර්මාන්ත අමාත්‍යාංශයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාව මගින් නිර්දේශ ලබා දී තිබේ.
ජේ. ඉඳුරුවගේ