මහනුවර පොලිස් බල ප්‍රදේශයේ ප්‍රිම්රෝස් උද්‍යානය ප්‍රදේශයේ පහළ කොටසේ මහ මග මියගොස් සිටි 39 හැවිරිදි පුද්ගලයාගේ මරණය සැක කටයුතු මරණයක් නොවන බව පොලිසිය කියයි .
එසේ මියගොස් සිටියේ මහනුවර ප්‍රිම්රෝස් උද්‍යානය ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි . ඔහු මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකි.
පොලිසිය පවසනුයේ මියගිය පුද්ගලයා අධික ලෙස හෙරොයින් මත්කුඩු වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයකු බවයි .
ඔහුගේ නිවස අසල තවත් පුද්ගලයෙකු සමග හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටියදී ඔහුට පපුවේ අමාරුවක් ඇති බව පැවසීමෙන් පසු අනෙක් පුද්ගලයා ඔහු රෝහලක් කරා ගෙන යාම සඳහා කර තබාගෙන පහලට පැමිණෙමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බව දැනගැනීමෙන් පසු එසේ මහ මඟ තබා ඔහු පළා ගොස් ඇති බවයි.
එසේ පලා ගිය පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි. ( I J)
ෂේන් සෙනෙවිරත්න