"අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලෝක නායකයන්ගේ විශාල පිළිගැනීමක් තියෙනවා. එහෙම නායකයෙක් තමයි අද අපට අවශ්‍ය.ජාත්‍යන්තරයත් එක්ක කතාකරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා පමණයි. .මේ රට වැටී තිබුණු බංකොලොත් භාවයෙන් ගොඩගත් නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමායි එනිසා එළඹෙන ජනාධිපති වරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කිරීමට ජනතාව පක්ෂ පාට වලින් තොරව අත්වැල් බැඳ ගෙන කටයුතු කළයුතුයි " යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, කාලගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බියගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ මල්වාන කලාප කාර්යාලය ඊයේ (28) පස් වරුවේ විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීම අමතමින් රුවන් විජයවර්ධන මහතා එසේ පැවසීය
"අද කයිය නායක වරුන් කිහිප දෙනෙක්ම ඉන්නවා 'අපි ආවොත් මේවා කරල දෙන්නම් මේරට සුරපුරයක් කරනවා ' කියන කට්ටියක් ඉන්නවා. නමුත් බැරි වෙලාවත් ඔය කියන අය ආවොත් තව අවුරුදු දෙකක් ගතවීමටත් මත්තෙන් අපිට යලිත් පෝලිම්වල තමයි ඉන්න වෙන්නෙ.ඔය කයිය නායකවරුන්ට සැලැස්මක් නැහැ.
මේ රට වැටිලා තිබ්බ අවස්ථාවේදී මිනිසුන් අරගලයක් කරපු අවස්ථාවෙ දේශපාලඤගේ ගෙවල් පුච්චපු කාලෙ අවනීතිය තිබුණකාලෙ ඉන්ධන, ගෑස්,නොතිබුණකාලේ අභියෝග භාරගෙන ඉදිරියට ආවනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයකට බය වෙනවද ? නැහැ එතුමා හරි වෙලාවේ ජනාධිපති වරණයට ඉදිරිපත් වුනා.
සැලැස්මක් තියෙන වැටී තිබුණු බංකොලොත් වු රට ගොඩ අරගෙන කථාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරපු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.ඒනිසා සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපති වරණයේදී අනිවාර්යයෙන් ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා යි.
තරුණ තරුණියන්ට පුංචි දරුවන්ට රටට අනාගතයක් හදාගන්න හරි සංවර්ධනයක් මේරට තුළ හදාගන්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ වැඩ පිළිවෙල අඩුම ගානේ තව අවුරුදු පහක්වත් ඉදිරියට ගෙනයායුතුයි ඒ සදහා සියලු දෙනාම පක්ෂ පාට අතහැර අත්වැල් බැඳ ගෙන ක්‍රියා කරමු."
බියගම පද්මසිරි රණතුංග