හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ඒ හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්තිතෙන්නකෝන් මහතා ගොනු කළ පැමිණිල්ලක් අනුවයි. කබ්රාල් මහතා මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලයේදී මහජන මුදල් අවභාවිත කළ බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනු කළේය.
ඒ අනුව හිටපු අධිපතිවරයාට එළැඹෙන 18දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමටද අධිකරණය කටයුතු කළේය.