මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද (30) දින අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන් විනාශයට පත් වි ඇත.
කදපොල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය බෝමුරු ඇල්ලට ජලය ගලා බසින ඇළ මාර්ග පිටාර ගැලිමෙන් එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වු බව ගොවින් කියා සිටියෝය.
ඇළ මාර්ගය පිටාර ගැලිම නිසා නුවරඑලිය කදපොල ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යට විම නිසා නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.