මත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ 11 වෙනිදා සවස වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන
දොළොස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් රැඳවියන් එකසියදෙදෙනා හිඟුරක්ගොඩ, මීගස්වැව, පොළොන්නරුව, පුලස්තිපුර.යන පොලිස් ස්ථානවල රඳවාගෙන කට උත්තර ලබාගැනීමට යොමු කර ඇති බවද වැලිකන්ද පොලිසිය පවසයි.
කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හාරසියඅසූ පස්දෙනකු පමණ පුනරුත්ථාපනය වෙමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.
පලාගිය සැකකරුවන් කොළඹ, මීගමුව, යාපනය, මහනුවර, යන ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු විස්සත් හතළිහත් අතර වයසේ පසු වන්නන් බවද පොලිසිය පවසයි.
පැනගිය රැඳවියන්ගෙන් තිස්හයදෙනෙකු තවදුරටත් අතුරුදහන් වී ඇති බව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතාප කළ විමසීමකදීම සඳහන් කළේය.
පලාගිය රැඳවියන් සෙවීම සඳහා වැලිකන්ද, පුලස්තිපුර,මීගස්වැව, හිඟුරක්ගොඩ, මනම්පිටිය, ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙ සහයෝගයෙන් පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇත.
ආහාර ගැටළුවක් මුල් කරගනිමින් ආරක්ෂක අංශ සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත 11 වෙනිදා දහවල් මුලින් රැඳවියන් දොලොස් දෙනකුට පලාගොස් ඇති අතර, අනතුරුව වරින්වර සෙසු රැඳවියන් පලා ගොස් ඇති බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
පලාගොස් සැඟව සිටින රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා අප කළ විමසීමකදී පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ආරක්ෂාවට නිලධාරීන් පනස්දෙදෙනකු යොදවා සිටින අතර මේ අයුරින්ම ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී රැඳිවියන් සහ ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් අනුව, පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලට අලාභහානි කරමින් රැඳවියන් දෙසීයකට ආසන්න පිරිසක් පලාගොස් සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මනම්පිටිය නිමල් ජයරත්න